පෑලියගොඩ වෙඩි තැබීම පිටුපස මත්කුඩු ?

Tuesday, 23 February 2016 - 13:20

%E0%B6%B4%E0%B7%91%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9+%E0%B7%80%E0%B7%99%E0%B6%A9%E0%B7%92+%E0%B6%AD%E0%B7%90%E0%B6%B6%E0%B7%93%E0%B6%B8+%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%94%E0%B6%B4%E0%B7%83+%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A%E0%B6%9A%E0%B7%94%E0%B6%A9%E0%B7%94+%3F
පෑලියගොඩ පෝරණුකොටුවත්ත ප්‍රදේශයේදී ඊයේ රාත්‍රියේ සිදුවූ වෙඩි තැබීමට හේතු වී ඇත්තේ මත්කුඩු සම්බන්ධයෙන් දෙපිරිසක් අතර පැවැති ආරවුලක් බවට තොරතුරු අනාවරණ වී තිබෙනවා.

මෙම වෙඩි තැබීමෙන් වයස අවුරුදු 14ක සහ 21ක පුද්ගලයන් දෙදෙනෙකු තුවාල ලැබුවා.

21 හැවිදිරි තරුණයා මේ වන විට කොළඹ ජාතික රෝහලේ අධි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබන අතර වයස අවුරුදු 14ක් පමණ වූ පිරිමි ළමයා ද ජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබනවා.

එලෙස වෙඩි වැදී ඇත්තේ ඉලක්ක කරගෙන ඇති පුද්ගලයා නොවන බවයි පොලීසිය සදහන් කළේ.

පෑලියගොඩ - නෙල්ලිගහවත්ත ප්‍රදේශයේ පදිංචි සිදම්බරන් ශෂිකුමාර් නැමති පුද්ගලයා වෙඩික්කරුවන්ගේ ඉලක්කය බවට පත්වී තිබෙනවා.

මෙම පුද්ගලයා සහ වෙඩි තැබීමට පැමිණි පුද්ගලයින් අතර මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් කලක පටන් ගැටුමක් පැවැති බව සදහන්.

වෙඩි තැබීම සඳහා එකම පවුලේ සහෝදරයන් දෙදෙනෙකු පැමිණ ඇති අතර, ඔවුන් මෙතෙක් අත්අඩංගුවට ගෙන නැහැ.

කෙසේ වෙතත්, සිද්ධිය සම්බන්ධයෙන් වෙඩි තැබීමට පැමිණි පුද්ගලයන්ගේ සහෝදරියක් පෑලියගොඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.


නීති කැඩූ අපේක්ෂකයන් හත්දෙනෙකු අත්අඩංගුවට
Wednesday, 05 August 2020 - 19:27

ජාතික මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානය සහ දිස්ත්‍රික්... Read More

SF ලොක්කා ඝාතන සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි පොලිසියට නියෝග
Wednesday, 05 August 2020 - 19:16

අනුරාධපුරයේ සමාජශාලා හිමිකරුවෙකු වූ කරාටේ ශූර වසන්ත සොයිසා... Read More

2020 පාර්ලිමේන්තු මැතිවරණයේ ප්‍රකාශිත සමස්ත ඡන්ද ප්‍රතිශතය සියයට 71
Wednesday, 05 August 2020 - 18:52

පාර්ලිමේන්තු මැතිවරණයේ ඡන්ද ප්‍රකාශය සියයට 71ක් බව මැතිවරණ... Read More