ඥානසාර හිමියන්ට ඇප

Tuesday, 23 February 2016 - 17:05

%E0%B6%A5%E0%B7%8F%E0%B6%B1%E0%B7%83%E0%B7%8F%E0%B6%BB+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%87%E0%B6%B4
රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් අද ඇප මත නිදහස් කෙරුණා.

හෝමාගම මහේස්ත්‍රාත් රංග දිසානායක එහිදී නියෝග කළේ  රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇපයක් මත උන්වහන්සේ මුදාහැරීමටයි.

සාක්ෂිකරුවන්ට බලපෑම් නොකරන ලෙස නියෝග කළ මහේස්ත්‍රාත්වරයා, තැන් තැන්වල  විවිධ ප්‍රකාශ සිදු නොකරන ලෙසත් මෙහිදී ප්‍රකාශ කළා.

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් අද දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැලිගොඩද අධිකරණයේදී තර්ජනය කළායැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන්.

එදිනම උන්වහන්සේ අධිකරණයට අපහාස කළ බවටද චෝදනා එල්ලවූ අතර එම චෝදනාවට අදාළව මීට පෙර ඇප හිමිවුණා.

සන්ධ්‍යා එක්නැලිගොඩට තර්ජනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වන නඩුව යළි මාර්තු 24 වනදා කැඳවීමට නියමිතයි.