ශ්‍රී ලංකාව කලාපයේ ආලෝකයයි නවසීලන්ත අගමැති

Wednesday, 24 February 2016 - 7:25

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80+%E0%B6%9A%E0%B6%BD%E0%B7%8F%E0%B6%B4%E0%B6%BA%E0%B7%9A+%E0%B6%86%E0%B6%BD%E0%B7%9D%E0%B6%9A%E0%B6%BA%E0%B6%BA%E0%B7%92+%E0%B6%B1%E0%B7%80%E0%B7%83%E0%B7%93%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92
ශ්‍රී ලංකාවේ යහපාලන සංකල්පය සහ සහජීවන ආණ්ඩුක්‍රමය කලාපයේ අනෙක් රටවලට ආදර්ශයක් බව දිවයිනට පැමිණි නවසීලන්ත අග්‍රාමාත්‍ය ජෝන් කී ප්‍රකාශ කළා.

ඔහු මේ බව කියා සිටියේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සමඟ ජනාධිපති ලේකම් කාර්යාලයේ අද පැවති සාකච්ඡාවේදියි.

ශ්‍රී ලංකාව ආසියානු කලාපයේ දිදුලන ආලෝකය බවට පත්ව ඇති බව සඳහන් කළ නවසීලන්ත අග්‍රාමාත්‍යවරයා මේ වනවිට ශ්‍රී ලංකාවේ ව්‍යාපාර කටයුතු සඳහා හොඳ මධ්‍යස්ථානයක් වී ඇති බව සඳහන් කළා.

දෙරටේ නායකයන් අතර මෙම සාකච්ඡාව පැවැත්වුණේ නවසීලන්ත අග්‍රාමාත්‍යවරයා පිළිගැනීමේ නිල උත්සවයෙන් පසුවයි.

මෙහිදී ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර ගිවිසුම් දෙකකට ද අත්සන් තැබුණා. ඒ, මෙරට කිරි නිෂ්පාදන කර්මාන්තයේ සහ වනජීවී ක්‍ෂේත්‍රයේ සංවර්ධනය වෙනුවෙන්. 

මෙම සාකච්ඡාවේදී නවසීලන්ත ආයෝජන ශ්‍රී ලංකාවට ගෙන ඒම පිළිබඳව සහ දෙපාර්ශවයටම හිතකර වන වෙළඳපොල තත්ත්වයන් නිර්මාණය කර ගැනීම සම්බන්ධයෙන් අවධානය යොමුවී තිබෙනවා.

ශ්‍රී ලංකා රජය ආයෝජකයන් සඳහා රට තුළ සකස් කර ඇති යහපත් ප්‍රවණතාවයන් පිළිබඳව මෙහිදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් නවසීලන්ත අග්‍රාමාත්‍යවරයා දැනුවත් කර තිබෙනවා.

මෙම හමුවේදී දෙරට අතර ගිවිසුම් දෙකකට ද අත්සන් තැබුණු බවයි එම ස්ථානයේ සිටි හිරු වාර්තාකරු සඳහන් කළේ.



Update : Wednesday, February 24, 2016 12.50
------------------------------------------------------
නවසීලන්ත අගමැති දිවයිනට

නවසීලන්ත අග්‍රාමාත්‍ය ජෝන් කී ඊයේ රාත්‍රි 11.42ට ශ්‍රී ලංකාවට පැමිණියා.

ගුවන් තොටුපළ හිරු වාර්තාකරු සදහන් කළේ සිංගප්පූරු ගුවන් සේවයට අයත් එස්.කිව් 468 දරණ දරණ ගුවන් යානයෙන් ඔහු ඇතුළු 10 දෙනෙකුගෙන් සමන්විත දූත පිරිස දිවයිනට පැමිණි බවයි.

දිවයිනට පැමිණි නවසීලන්ත අග්‍රාමාත්‍ය ජෝන් කීගේ ප්‍රධානත්වයෙන් සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ සහභාගීත්වයෙන් ජාත්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදී සංගමයේ විධායක කමිටුව හා විදේශ කටයුතු පිළිබඳ ස්ථාවර කමිටුව කොළඹදී පැවැත්වීමට නියමිතයි.

එය අද සහ හෙට පැවැත්වෙන අතර, ජාත්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදී සංගමයේ සභාපති ධුරය දරන්නේ නවසීලන්ත අග්‍රාමාත්‍යවරයායි.

ආසියානු ශාන්තිකර ප්‍රජාතන්ත්‍රවාදී සංගමයේ රැස්වීමක්ද මෙහිදී පැවැත්වෙන අතර, එම සංගමයේ සභාපතිවරයා වන්නේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහයි.

දිවයිනට පැමිණි නවසීලන්ත අග්‍රාමාත්‍යවරයා මේ මස 27 වනදා දක්වා ශ්‍රී ලංකාවේ රැඳී සිටින අතර, අද දිනයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහද හමුවීමට නියමිතයි.

නවසීලන්ත අග්‍රාමාත්‍යවරයාගේ මෙරට සංචාරයේදී පන්නල ප්‍රදේශයේ ආදර්ශ ගොවිපලක් සහ පුහුණු ආයතනයක් ද විවෘත කෙරෙනු ඇති. එමෙන්ම ඔහු දළඳා මාළිඟාවට ගොස් දළදා සමිඳුන් වැඳ පුදා ගෙන, පේරාදෙණිය උද්භිද උද්‍යානයේ සංචාරයකටද  එක්වීමට නියමිතයි.