ඥාණසාර හිමියන්ගෙන් ඉල්ලීමක්

Wednesday, 24 February 2016 - 7:32

%E0%B6%A5%E0%B7%8F%E0%B6%AB%E0%B7%83%E0%B7%8F%E0%B6%BB+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
ස්වාමීන් වහන්සේලාට රටේ නීතිය පිළිබඳ දැනුම ලබාදෙන්නැයි බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් රජයෙන් ඉල්ලීමක් කළා.

ඒ, ඊයේ අධිකරණයෙන් ඇප හිමිවීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් ඊයේ පස්වරුවේ ඇප මත නිදහස් කෙරුණා.

හෝමාගම මහේස්ත්‍රාත් රංග දිසානායක එහිදී නියෝග කළේ  රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇපයක් මත උන්වහන්සේ මුදාහැරීමටයි.

සාක්ෂිකරුවන්ට බලපෑම් නොකරන ලෙස නියෝග කළ මහේස්ත්‍රාත්වරයා, තැන් තැන්වල  විවිධ ප්‍රකාශ සිදු නොකරන ලෙසත් මෙහිදී ප්‍රකාශ කළා.

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් ඊයේ දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැලිගොඩද අධිකරණයේදී තර්ජනය කළායැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන්.

එදිනම උන්වහන්සේ අධිකරණයට අපහාස කළ බවටද චෝදනා එල්ලවූ අතර එම චෝදනාවට අදාළව මීට පෙර ඇප හිමිවුණා.

සන්ධ්‍යා එක්නැලිගොඩට තර්ජනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වන නඩුව යළි මාර්තු 24 වනදා කැඳවීමට නියමිතයි.



නුවරඑළිය දිස්ත්‍රික්කයේ ජයත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තහවුරු කරගනී
Thursday, 06 August 2020 - 21:20

නුවරඑළිය දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලය ද මේවනවිට නිකුත්වී... Read More

ඉන්දීය අගමැති, අගමැති මහින්දට සුබ පතයි
Thursday, 06 August 2020 - 21:09

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, අග්‍රාමාත්‍ය මහින්ද... Read More

ප්‍රකාශිත ප්‍රතිඵල අනුව පොහොට්ටුව ඉදිරියෙන් - දුරකතනය දෙවන බලවේගය වේ
Thursday, 06 August 2020 - 20:47

2020 පාර්ලිමේන්තු මැතිවරණයේ මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිඵල වලට... Read More