ලිංගික සංසර්ගයෙන් සීකා රෝගයට ගොදුරු වූ 14ක්

Wednesday, 24 February 2016 - 7:34

%E0%B6%BD%E0%B7%92%E0%B6%82%E0%B6%9C%E0%B7%92%E0%B6%9A+%E0%B7%83%E0%B6%82%E0%B7%83%E0%B6%BB%E0%B7%8A%E0%B6%9C%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%93%E0%B6%9A%E0%B7%8F+%E0%B6%BB%E0%B7%9D%E0%B6%9C%E0%B6%BA%E0%B6%A7+%E0%B6%9C%E0%B7%9C%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B7%80%E0%B7%96+14%E0%B6%9A%E0%B7%8A
ලිංගික සංසර්ගය හේතුවෙන් සීකා වෛරසය ආසාදනයවීමේ සිද්ධීන් 14ක් ඇමරිකාවෙන් වාර්තා වී තිබෙනවා.

ඇමරිකානු වසංගත රෝග ඒකකය සදහන් කළේ වාර්තා වූ රෝගීන්ගෙන් වැඩි පිරිසක් ගර්භනී කාන්තාවන් බවයි.

බ්‍රසීලය, කොලොම්බියාව ඇතුළු ලතින් ඇමරිකානු සහ කැරිබියානු රටවල සීකා වෛරසය පැතිරී ඇති අතර වෛරසය ආසාදනය වූ බ්‍රසීල මව්වරුන්ට පමණක් හිස කුඩා ළදරුවන් 4000කට වැඩි සංඛ්‍යාවක් උපත ලැබුවා.

සීකා වෛරසය නිසා ඇති වන මෙම රෝග තත්ත්වය ගෝලීය සෞඛ්‍ය අවදානමක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය පසුගිය පෙබරවාරි 1 වන දා ප්‍රකාශයට පත් කළා.