උපවාසයකට සැරසෙන සිසුන්

Wednesday, 24 February 2016 - 7:51

%E0%B6%8B%E0%B6%B4%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B7%83%E0%B7%90%E0%B6%BB%E0%B7%83%E0%B7%99%E0%B6%B1+%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%B1%E0%B7%8A
2014 උසස් පෙළ ප්‍රතිඵල මත පාඨමාලා සඳහා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ ලියාපදිංචි වී පසුව, 2015 වසරේ උසස් පෙළ විභාගයට යළිත් පෙනී සිට එහි ඉහළ ප්‍රතිඵල මත උසස් පාඨමාලාවක් හැදැරීමට නොහැකි වූ සිසුන් පිරිසක් අද දිනයේ එම කොමිසම ඉදිරිපිට උපවාසයක නිරතවීමට සූදානම් වනවා.

ඊයේ දිනයේ මෙම සිසුන් පිරිස සහ ඔවුන්ගේ දෙමව්පියන් තමන්ට සිදුව ඇති අසාධාරණය පිළිබඳව කොමිසම ඉදිරිපිට විරෝධතාවයක් පවත්වා අනතුරුව එහි අට්ටාලයක් සාදා සත්‍යග්‍රහයක් ආරම්භ කළා.

කෙසේ වෙතත්, ඊයේ දිනයේ ඔවුන්ගේ ගැටලුවට කිසිදු ප්‍රතිචාරයක් නොලැබීම හේතුවෙන් අද සිට උපවාසයක් ආරම්භ කිරීමට තීරණය කළ බවයි  ඊට එක්ව සිටින සිසුවෙකු වන චන්දිම සිල්වා හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.