සේයා ඝාතන නඩු විභාගය යළිත් අද සිට

Wednesday, 24 February 2016 - 9:46

%E0%B7%83%E0%B7%9A%E0%B6%BA%E0%B7%8F+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1+%E0%B6%B1%E0%B6%A9%E0%B7%94+%E0%B7%80%E0%B7%92%E0%B6%B7%E0%B7%8F%E0%B6%9C%E0%B6%BA+%E0%B6%BA%E0%B7%85%E0%B7%92%E0%B6%AD%E0%B7%8A+%E0%B6%85%E0%B6%AF+%E0%B7%83%E0%B7%92%E0%B6%A7
කොටදෙණියාවේ සේයා සදෙවිම් දැරිය ඝාතන සිද්ධියට අදාළ නඩු විභාගය අද (24) යලි කැදවා තිබෙනවා.

ඒ මීගමුව මහාධිකරණ විනිසුරු චම්පා ජානකී රාජරත්න මහත්මිය  හමුවේයි.

මෙම සිද්ධියට අදාළ සාක්ෂි වාර්තාව නිවැරදි කිරීම හා පැමිණිල්ලේ සහ විත්තියේ දේශන ඉදිරිපත් කිරීම අද සිදුකිරීමට නියමිත බවයි හිරු වාර්තාකරු සදහන් කලේ.

පසුගිය 19 වනදා සිද්ධියට අදාළ සාක්ෂි වාර්තාව නිවැරදි කිරීම සිදුවුව ද පැය 6 ක් තුල එම සාක්ෂි වාර්තාව සකස් කිරීමට හැකියාව ලැබී තිබුණේ නැහැ.

සේයා සදෙව්මි දැරිය ඝාතනයට ලක්වුයේ  පසුගිය වසරේ සැප්තැම්බර් 12 වනදායි.

සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගැණූනු අතර මේ වන විට  අදාළ චෝදනා ලබා සිටින්නේ සමන් ජයලත් නැමැති 32 හැවිරිදි පුද්ගලයෙක්.