21 දෙනෙකු රැගත් කුඩා ගුවන් යානයක් අතුරුදන්

Wednesday, 24 February 2016 - 10:22

21+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%BB%E0%B7%90%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%94%E0%B6%A9%E0%B7%8F+%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AF%E0%B6%B1%E0%B7%8A
පුද්ගලයින් 21 දෙනෙකු රැගත් කුඩා ගුවන් යානයක් බටහිර නේපාලයේදී අතුරුදහන් වී තිබෙනවා.

ඒ පොකාරා සිට ජොම්සොම් ප්‍රදේශය දක්වා ගමන් කරමින් සිටියදීයි.

බටහිර නේපාලයේ කඳුකර ප්‍රදේශයකදී මෙම යානය අතුරුදන්වී ඇති බවයි විදෙස් පුවත් සේවාවල දැක්වෙන්නේ.

යානය ගුවන්ගත වී සුලු මොහොතකින් එය සමග පැවති සබඳතා බිඳ වැටුනු බව නේපාල ගුවන්තොටුපල බලධාරීන් ප්‍රකාශකර තිබෙනවා.

හෙලිකොප්ටර් යානා ද යොදා ගනිමින් ගුවන්යානය අතුරුදන්වු ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුම් ක්‍රියාවට නංවා ඇති අතර පවතින අයහපත් කාලගුණික තත්වය හමුවේ එම කටයුතුවලට ද බාධා එල්ලවී ඇතැයි සඳහන්.

විදෙස් පුවත් සේවා පෙන්වා දෙන්නේ නේපාලයේ ගුවන් ගමන් ඉතිහාසයේ මෙවැනි අනතුරුදායක සිදුවීම් කිහිපයක් වාර්තාවන බවයි.

2013 වසරේදී නේපාල ගුවන්යානාවලට සිය ගුවන් කලාපයට ඇතුලුවීම තහනම් කරමින් යුරෝපා සංගමය නියෝගයක් ද නිකුත් කර තිබුනා.

1949 වසරේදී පළමු ගුවන්යානය නේපාලයේ ගොඩබැස්වීමෙන් පසු මේ දක්වා නේපාලයෙන් විවිධ ගුවන් අනතුරු 70 ක් පමණ වාර්තා වනවා.

එමගින් ජීවිත අහිමිවු පිරිස 700 කට අධිකයි.





ලෝක බලවතුන්ගේ සමුළුවක්
Tuesday, 14 July 2020 - 8:08

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ නිත්‍ය සාමාජිකයින් 5 දෙනා... Read More

වූහාන් හි ගං වතුරෙන් 141 දෙනෙකු ජීවිතක්ෂයට
Monday, 13 July 2020 - 20:14

කොවිඩ් වසංගතයේ මූලාරම්භය සිදුවූ වූහාන් නගරය පිහිටි හුබෙයි... Read More

ඇමරිකාවේ ප්‍රහාරක නෞකාවක් ගිනිගැනීමෙන් 21 කට තුවාල (ඡායාරූප)
Monday, 13 July 2020 - 9:06

ඇමරිකාවේ සැන්ඩියාගෝහිදී ප්‍රහාරක නෞකාවක් පිපිරීමට ලක්ව... Read More