නවසීලන්ත අගමැතිට හමුදා උත්තමාචාර

Wednesday, 24 February 2016 - 11:12

%E0%B6%B1%E0%B7%80%E0%B7%83%E0%B7%93%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B6%A7+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F+%E0%B6%8B%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B6%B8%E0%B7%8F%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB
දිවයිනට පැමිණ සිටින නවසීලන්ත අග්‍රාමාත්‍ය ජෝන් කී පිළිගැනීමේ නිල උත්සවය ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (24) පෙරවරුවේ පැවැත්වුණා.

ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන්.

මෙහිදී නවසීලන්ත අග්‍රාමාත්‍යවරයා වෙනුවෙන් නාවික හමුදා උත්තමාචාරයක්ද පැවැත්වුණු බවයි එම ස්ථානයේ සිටින හිරු වාර්තාකරු සඳහන් කළේ.

ජනාධිපතිවරයා සහ නවසීලන්ත අග්‍රාමාත්‍යවරයා අතර නිල සාකච්ඡාව ද මේ වනවිට ජනාධිපති ලේකම් කාර්යාලයේදී ආරම්භ වී තිබෙනවා.

නවසීලන්ත අග්‍රාමාත්‍ය ජෝන් කී ඊයේ රාත්‍රීයේ දිවයිනට පැමිණි අතර අද සහ හෙට කොළඹදී පැවැත්වෙන ජාත්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදී සංගමයේ විධායක කමිටු සහ විදේශ කටයුතු පිළිබඳ ස්ථාවර කමිටු හමුවට ද ඔහු එක්වීමට නියමිතයි.