උතුරේ හර්තාල් ව්‍යාපාරයක් (ඡායාරූප)

Wednesday, 24 February 2016 - 11:22

%E0%B6%8B%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%9A+%E0%B7%84%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B6%BD%E0%B7%8A+%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
වව්නියාව - උක්කුලාන්කුලම් ප්‍රදේශයේදී 13 හැවිරිදි පාසල් දැරියක් අපයෝජනයට ලක් කර ඝාතනය කිරීමේ සිද්ධියට විරෝධය පළ කරමින් අද උතුර පළාතේ ප්‍රදේශ කිහිපයක හර්තාල් ව්‍යාපාරයක් දියත් කර තිබෙනවා.

යාපනය, මන්නාරම, වව්නියාව සහ කිලිනොච්චි නගරවල ක්‍රියාත්මක මෙම හර්තාල් ව්‍යාපාරය නිසා දෛනික කටයුතුවලට බාධා සිදුව ඇති බවයි හිරු වාර්තාකරුවන් ප්‍රකාශ කළේ.

මෙම ප්‍රදේශවල ඇතැම් වෙළඳසැල් වසා දමා ඇති අතර, බස් ගමනාගමනයේ ද අඩුවක් දක්නට ලැබෙන බව අප වාර්තාකරුවන් කියා සිටියා.







ඡායාරූප (රොමේෂ් මදුශංක - දිනසේන රතුගමගේ )