විසඳුම් ඉල්ලා ගොවියෝ විරෝධතාවේ

Wednesday, 24 February 2016 - 12:05

%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B6%B3%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F+%E0%B6%9C%E0%B7%9C%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B7%9D+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B7%9A
පැය 4 කට ආසන්න කාලයක් හිඟුරක්ගොඩ - මැදිරිගිරිය ප්‍රධාන මාර්ගය අවහිර කරමින් පොළොන්නරුවේ ගොවීන් පිරිසක් ආරම්භ කර තිබූ විරෝධතාව අද පස්වරුවේ අවසන් වුණා.

අද උදෑසන ගොවි සංවිධාන 25 කට අයත් ගොවීන් 4000 කට අධික පිරිසක් පොහොර හිඟය ඇතුලූ ගොවි ගැටළු මුල් කරගනිමින්  මෙම විරෝධතාව ආරම්භ කළා.

පසුව විරෝධතාවයේ නිරතවූ  ගොවි සංවිධාන නිලධාරියෙකුට පොළොන්නරුව දිස්ත්‍රික්කය නියෝජනය කරන  එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයෙකු දුරකථන ඇමතුමක් ලබාදෙමින් සඳහන් කර ඇත්තේ ලබන අඟහරුවාදාට පෙර ගැටළුවලට විසඳුම් ලබාදෙන බවයි.

ඒ අනුව ගොවීන් විරෝධතාවය අවසන් කර තිබුණා.   

මේ අතර ගොවිතැන් කිරීමට කුඹුරු නොමැති බව පවසමින් වවුනියාව - කැලෑබෝගස්වැව - නන්දිමිත්‍ර ගම්වාසීන් අද පෙරවරුවේ විරෝධතාවක නිරතවුණා.

ඔවුන් නන්දිමිත්‍ර ගම්මානයේ සිට වවුනියාව දකුණ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත පා ගමනින් පැමිණ ප්‍රාදේශීය ලේකම්වරයා වෙත සංදේශයක්ද භාරදෙනු ලැබුවා.

එහිදී ඔවුන් ප්‍රාදේශීය ලේකම්වරයාට කියා සිටියේ යුද්ධයෙන් පසුව නැවත පදිංචි කිරීම් සිදුකර වසර හතරක් ගතවුවද තමන්ට මේ දක්වා සමෘද්ධි සහනාධාරය සහ ගොවිතැන් කිරීමට කුඹුරුද ලබා නොදීම හේතුවෙන් ජීවත්වීමට අපහසු වී ඇති බවයි.

මෙහිදී ප්‍රාදේශීය ලේකම්වරයා ගම්වාසීන්ට ප්‍රකාශ කර ඇත්තේ වවුනියාව දිස්ත්‍රික් ලේකම්වරයා දැනුවත් කොට අදාළ ගැටලූ විසඳීමට පියවර ගන්නා බවයි. ඒ අනුව ගම්වාසීන් විරෝධතාව අවසන් කර තිබෙනවා.



ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ තැන්පතු සඳහා ගෙවනු ලබන විශේෂ පොලී අනුපාත කිසිදු වෙනසක් නෑ
Tuesday, 07 July 2020 - 11:34

ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ තැන්පතු සඳහා ගෙවනු ලබන විශේෂ පොලී... Read More

පැත්ත ගියත් ඇත්ත කියන ශ්‍රී ලංකාවේ අංක එකේ ප්‍රවෘත්ති විකාශය - අද 11.55ට
Tuesday, 07 July 2020 - 11:30

පැත්ත ගියත් ඇත්ත කියන ශ්‍රී ලංකාවේ අංක එකේ ප්‍රවෘත්ති විකාශය... Read More

මසුන් මැරීමට ගිය තුන් දෙනෙකුගේ යතුරුපැදි 3ක් ගිනිබත් කෙරේ
Tuesday, 07 July 2020 - 11:02

හොරොව්පතාන නගරයේ පිහිටා ඇති වැවේ මසුන් මැරීම සඳහා ගිය පුද්ගලයින්... Read More