ඉන්දුනීසියාවේ ගණිකා වෘත්තියට තිත

Wednesday, 24 February 2016 - 13:13

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94%E0%B6%B1%E0%B7%93%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%9C%E0%B6%AB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F+%E0%B7%80%E0%B7%98%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%AD%E0%B7%92%E0%B6%AD
ඉන්දුනීසියාවේ ගණිකා වෘත්තිය සම්පුර්ණයෙන් ඉවත් කිරීමට එරට රජය තීරණය කර තිබෙනවා.

කෙසේවෙතත් මේ වන විට එම ක්‍රියාවලිය එරට රජය විසින් ආරම්භ කර ඇති අතර එරට රජයේ බලාපොරොත්තුව 2019 වන විට ගණිකා වෘත්තිය සහමුලින් තුරන් කිරීමයි.

මෙමගින් සිදුවන විශාල සමාජ පරිහානිය හේතුවෙනුයි එරට රජය මෙම තීරණය ගෙන ඇත්තේ.

ඉන්දුනීසියානු සමාජ සමබන්ධතා අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ මෙම තීරණය පසුගිය ජනවාරි මාසයේදී ගත බවත් ගණිකා වෘත්තිකයන් සිටින ප්‍රදේශ 100ක් ඉදිරි අවුරුදු 3 තුලදී වසා දමන බවත්ය.