රජිව් ගාන්ධි ඝාතන වරදකාරියට පැය 12 ක නිදහසක්

Wednesday, 24 February 2016 - 17:14

%E0%B6%BB%E0%B6%A2%E0%B7%92%E0%B7%80%E0%B7%8A+%E0%B6%9C%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B7%92+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1+%E0%B7%80%E0%B6%BB%E0%B6%AF%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B4%E0%B7%90%E0%B6%BA+12+%E0%B6%9A+%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B6%9A%E0%B7%8A
ඉන්දියාවේ හිටපු අගමැතිවරයකු වන රජිව් ගාන්ධි මහතා ඝාතනය සම්බන්ධයෙන් සිරගතව පසුවන නලිනි නැමැත්තියට පැය 12 ක නිදහසක් හිමිව තිබෙනවා.

ඒ මියගොස් සිටින තම පියාට අවසන් ගෞරවය දැක්වීම සඳහායි.

ඒ සඳහා අද පෙරවරු 8 සිට රාත්‍රී 8 දක්වා ඇයට නිදහස ලබාදීමටයි ඉන්දීය බන්ධනාගාර බලධාරීන් පියවර ගෙන ඇත්තේ.

ඒ නාලිනිගේ මව බන්ධනාගාර නිලධාරීන්ට යොමුකල අභියාචනයක් සලකා බැලීමෙන් පසුවයි.

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් සිරගතව පසුවන නාලිනිගේ පියා හිටපු පොලිස් පරීක්ෂකරවයකු ද වනවා.

අවමංගල්‍ය උත්සවයට නාලිනි සහභාගී වීම හේතුවෙන් ප්‍රදේශයේ ආරක්ෂාව ද දැඩි කර ඇතැයි සඳහන්.

1991 වසරේ මැයි 21 වනදා රජිව් ගාන්ධි ඝාතනයෙන් මාසයකට පමණ පසුව නාලිනි පොලිස් අත්අඩංගුවට පත්වුනා.

පසුව චෝදනා 16 ක් යටතේ ඇයට  එරෙහි නඩු විභාගය පැවැත්වුනු අතර එහිදී වරදකාරිය බවට පත්වු නාලිනි එල්ලා මරා දැමීමටයි අධිකරණය නියෝග කරනු ලැබුවේ.

කෙසේවෙතත් පසුව එම දඩුවම ජීවිතාන්ත සිර දඩුවමක් බවට පත් කෙරුනේ කොන්ග්‍රස් පක්ෂ නායිකා සෝනියා ගාන්ධි නාලිනිට සමාව ලබාදීම හේතුවෙන්.



හිරු අනාවරණයෙන් පසු ඵල දරන්න යන දුම්බර රටා (වීඩියෝ)
Tuesday, 14 July 2020 - 14:36

කොවිඩ් වසංගතයෙන් සෘජු බලපෑමක් එල්ල වූ දුම්බර රටා කර්මාන්තකරුවන්... Read More

කවරෙකුට හෝ ආණ්ඩුව ගැනීමට සහයෝගය ලබාදීම තම අරමුණ නොවන බව රනිල් කියයි (වීඩියෝ)
Tuesday, 14 July 2020 - 14:26

කවරෙකුට හෝ ආණ්ඩු බලය ලබා ගැනීම සඳහා සහයෝගය ලබාදීම තම අරමුණ... Read More

දේශීය ආදායම් සේවකයින්ගේ දිරි දීමනා ලබාදීම කඩිනමින් කිරීමට අගමැතිගෙන් උපදෙස්
Tuesday, 14 July 2020 - 14:22

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩලය සඳහා ආදායම් ඉලක්ක... Read More