ඒකාබද්ධ විපක්ෂය නිහඩ වෙයි

Thursday, 25 February 2016 - 7:14

%E0%B6%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%B6%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0+%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA+%E0%B6%B1%E0%B7%92%E0%B7%84%E0%B6%A9+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
ඒකාබද්ධ විපක්ෂයේ නායකයින් පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයින් ලෙස පිළිගනිමින්  ස්ථාවර නියෝග 23 - 2 යටතේ විශේෂ ප්‍රකාශ සිදුකිරීමට අවස්ථාව ලබාදී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා පවසනවා.

ඔහු කියා සිටියේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අතර ඊයේ රාත්‍රියේ පැවති විශේෂ සාකච්ඡාවකින් පසුව මෙම එකඟතාවට පැමිණ ඇති බවයි.

ඒකාබද්ධ විපක්ෂය ස්වාධීන කණ්ඩායමක් ලෙස පාර්ලිමේන්තුව තුළ පිළිගන්නා ලෙසත්, එසේ නොමැති වුවහොත් අරගල සිදුකරන බවත්, ඔවුන් මීට පෙර ප්‍රකාශ කර තිබුණා.

කෙසේ වෙතත් මෙම එකඟතාවත් සමඟ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම පාර්ලිමේන්තුව තුළ ඉදිරියේදී සිදුකිරීමට නියමිතව තිබූ විරෝධතා අත්හිටුවීමට තීරණය කර ඇති බවද මන්ත්‍රීවරයා හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී තවදුරටත් සඳහන් කළා.

මේ අතර ඒකාබද්ධ විපක්ෂය කොළඹ ඊයේ කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම කියා සිටියේ ශ්‍ර‍්‍රී ලංකා නිදහස් පක්ෂය හා බැඳී ඇති හිටපු ජනාධීපති මහින්ද රාජපක්ෂගේ ඉතිහාසය, අපකීර්තිමත් නොකරන ලෙස පක්ෂයේ වර්තමාන නායකයන්ගෙන් ඉල්ලා සිටින බවයි.