පේදුරුතුඩුවේ රක්ෂිතයක ගින්නක්

Thursday, 25 February 2016 - 9:27

%E0%B6%B4%E0%B7%9A%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AD%E0%B7%94%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B7%9A++%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B6%9A+%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%9A%E0%B7%8A
පේදුරුතුඩුව - වල්ලිපුරම් ප්‍රදේශයේ රක්ෂිතයක ඊයේ පස්වරුවේ හදිසි ගින්නක් හටගත්තා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ පොලීසිය, ප්‍රදේශවාසීන් සහ යුද හමුදා නිලධාරීන් එක්ව ගින්න මේ වනවිට නිවා දමා ඇති බවයි.

ගින්නෙන් ජීවිත හානි කිසිවක් වාර්තාවී නොමැති අතර, අක්කර දෙකකට වැඩි භූමි ප්‍රදේශයක් විනාශයට පත්වී තිබෙනවා.