කඩාවැටුණු නේපාල යානයේ සිටි 19 කගේ සිරුරු හමුවේ

Thursday, 25 February 2016 - 9:34

%E0%B6%9A%E0%B6%A9%E0%B7%8F%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%B1%E0%B7%9A%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD+%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%A7%E0%B7%92+19+%E0%B6%9A%E0%B6%9C%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%9A
නේපාල කඳුකර ප්‍රදේශයකට කඩාවැටුණු  ගුවන් යානයේ ගමන් ගත් මගීන් 19 දෙනෙකුගේ මළ සිරුරු හමුවී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තාකළේ කුඩා දරුවන් දෙදෙනෙකු ඇතුලූ සිව්දෙනෙකු තවදුරටත් අතුරුදන් බවයි. නේපාලයේ පොක්කාරා සිට ජොම්සන් දක්වා ගමන් ගත් අභ්‍යන්තර මගී ගුවන් යානයක් 23 දෙනෙකු සමඟ ඊයේ අතුරුදන් වුණා.

පසුව වාර්තා වූයේ මෙම යානය නේපාල කඳුකර ප්‍රදේශයකට කඩාවැටී ඇති බවටයි.

සෝදිසි මෙහෙයුම්වලදී මෙලෙස මළ සිරුරු 19 ක් සොයාගෙන ඇති අතර, අධික මීදුම හේතුවෙන් සෝදිසි මෙහෙයුම් කටයුතුවලට බාධා එල්ලවී තිබෙනවා.

යානය කඩාවැටීමට හේතුව තාක්ෂනික දෝෂයක් බවටයි නේපාල බලධාරීන් අනුමාන කර ඇත්තේ.