තාජුඩීන්ගේ මරණයට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට නියෝග

Thursday, 25 February 2016 - 12:00

%E0%B6%AD%E0%B7%8F%E0%B6%A2%E0%B7%94%E0%B6%A9%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B8%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%A7+%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0+%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%9C
රග්බි ක්‍රීඩක වසීම් තාජුඞීන් මරණය ඝාතනයක් බවට පෙනී යන බැවින් සැකකරුවන් කඩිනමින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද නියෝග කළා.

ඒ වසීම් තාජුඞීන්ගේ මරණය පිළිබඳව වන නඩුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේදී අද කැඳවූ අවස්ථාවේදිියි.

2012 වසරේ මැයි 17 වන දා නාරාහේන්පිට ශාලිකා ක්‍රීඩාංගනය අසල මාර්ගයේදී මෝටර් රථයක් තුළ පිළිස්සී මිය ගොස් සිටි වසීම් තාජුඞීන්ගේ මරණය රිය අනතුරකින් සිදුවූ බවට පළමු පශ්චාත් මරණ පරීක්ෂණයේදී නිගමනය කර තිබුණා.

කෙසේ වෙතත් කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී විශේෂඥ වෛද්‍ය අජිත් තෙන්නකෝන් ඇතුළු වෛද්‍ය මඩුල්ලක් පසුව කළ විමර්ශනයකදී අනාවරණය වුණේ මෙම මරණය හදිසි අනතුරකින් සිදුවූවක් නොව මිනී මැරුමක් බවටයි.

පසුව ඊට අදාළව එම සී සී ටී වී දර්ශන අධිකරණයට ඉදිරිපත් කෙරුණා. එහෙත් මෙම සී සී ටී වී දර්ශන අපහැදිලි බැවින් එය විදේශීය විශේෂඥයින් වෙත යොමුකරන ලෙස ඒ පිළිබඳ පරීක්ෂණ පැවැත්වූ කොළඹ විශ්වවිද්‍යාලය අධිකරණයට දැනුම්දී තිබුණා.

ඒ අනුව මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ අදාළ සී ඞී තැටිය විදේශීය විශේෂඥයින් වෙත යොමු කරන ලෙසයි.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් වැඩිදුර වාර්තාවක් මාර්තු මස 23 වනදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් රහස් පොලීසියට තවදුරටත් නියෝග කළේ.



ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ තැන්පතු සඳහා ගෙවනු ලබන විශේෂ පොලී අනුපාත කිසිදු වෙනසක් නෑ
Tuesday, 07 July 2020 - 11:34

ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ තැන්පතු සඳහා ගෙවනු ලබන විශේෂ පොලී... Read More

පැත්ත ගියත් ඇත්ත කියන ශ්‍රී ලංකාවේ අංක එකේ ප්‍රවෘත්ති විකාශය - අද 11.55ට
Tuesday, 07 July 2020 - 11:30

පැත්ත ගියත් ඇත්ත කියන ශ්‍රී ලංකාවේ අංක එකේ ප්‍රවෘත්ති විකාශය... Read More