සරත් ෆොන්සේකා අද දිවුරුම් දෙයි

Thursday, 25 February 2016 - 13:25

%E0%B7%83%E0%B6%BB%E0%B6%AD%E0%B7%8A+%E0%B7%86%E0%B7%9C%E0%B6%B1%E0%B7%8A%E0%B7%83%E0%B7%9A%E0%B6%9A%E0%B7%8F+%E0%B6%85%E0%B6%AF+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%BA%E0%B7%92

ප්‍රජාතන්ත්‍රවාදි පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා අද පස්වරුවේ කැබිනට් අමාත්‍ය ධුරයක දිවුරුම්දීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළා. 


ඒ අනුව ඔහුට පළාත් සංවර්ධනය පිළිබඳ අමාත්‍ය ධුරයක් හිමිවනු ඇති බවයි එම ආරංචි මාර්ග ප්‍රකාශ කළේ. ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තුවෙන් පසුගියදා පාර්ලිමේන්තුවට පිවිසියා.