සිසිලියා කොතලාවල යළිත් රිමාන්ඩ්

Thursday, 25 February 2016 - 13:41

%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%8F+%E0%B6%9A%E0%B7%9C%E0%B6%AD%E0%B6%BD%E0%B7%8F%E0%B7%80%E0%B6%BD+%E0%B6%BA%E0%B7%85%E0%B7%92%E0%B6%AD%E0%B7%8A+%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%8A
සෙලින්කෝ සමූහ ව්‍යාපාරයට අයත් සෙලින්කෝ ශ්‍රී රාම් සමාගමේ තැන්පත්කරුවන්ගේ මුදල් නොගෙවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන සිටින සිසිලියා කොතලාවලද යළිත් රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන ඇය බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ අද පෙරවරුවේ අධිකරණයට රැගෙන ආ අවස්ථාවේදී කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය නියෝග කළේ සැකකාරිය මාර්තු මස 9 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකිරීමටයි.