ෆොන්සේකා ඇමති ධුරයේ දිවුරුම් දෙයි

Thursday, 25 February 2016 - 14:30

%E0%B7%86%E0%B7%9C%E0%B6%B1%E0%B7%8A%E0%B7%83%E0%B7%9A%E0%B6%9A%E0%B7%8F+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%B0%E0%B7%94%E0%B6%BB%E0%B6%BA%E0%B7%9A+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%BA%E0%B7%92
පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍යවරයා ලෙස දිවුරුම් දී තිබෙනවා.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉදිරියේ ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා දිවුරුම් දුන් බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

හිටපු ඉඩම් අමාත්‍ය එම්.කේ.ඒ.ඞී.එස්.ගුණවර්ධන අභාවප්‍රාප්තවීමත් සමඟම පුරප්පාඩු වු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා එක්සත් ජාතික පක්ෂය විසින් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා පත්කරනු ලැබුවා.