එල් ටී ටී ඊ සැකකරුවන් 16 ක් පස්වන දිනටත් ආහාර වර්ජනයේ

Friday, 26 February 2016 - 7:34

%E0%B6%91%E0%B6%BD%E0%B7%8A+%E0%B6%A7%E0%B7%93+%E0%B6%A7%E0%B7%93+%E0%B6%8A+%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+16+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B6%B1+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A+%E0%B6%86%E0%B7%84%E0%B7%8F%E0%B6%BB+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A
සිය නඩු කටයුතු කඩිනම් කරන ලෙස ඉල්ලා එල්.ටී.ටී.ඊ. සැකකරුවන් 16 දෙනෙකු ආරම්භ කළ ආහාර වර්ජනය අද (26) පස්වන දිනටත් ක්‍රියාත්මකයි.

බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ කොළඹ මැගසින් බන්ධනාගාරයේ රැඳවියන් 14 දෙනෙකු සහ අනුරාධපුර බන්ධනාගාරයේ රැඳවියන් දෙදෙනෙකු මෙම වර්ජනයට එක්ව සිටින බවයි.

මීට පෙර අනුරාධපුර බන්ධනාගාරයේ රැඳවියන් දෙදෙනෙකු ආහාර වර්ජනයේ නිරත වූ අතර, ඊට සහය පළ කරමිනුයි මැගසින් බන්ධනාගාරයේ රැඳවියන් 14 දෙනෙකු මෙම ක්‍රියාමාර්ගයට එක්වුණේ.