හැරී කුමරු නේපාල සංචාරයක සැරසෙයි

Friday, 26 February 2016 - 11:13

%E0%B7%84%E0%B7%90%E0%B6%BB%E0%B7%93+%E0%B6%9A%E0%B7%94%E0%B6%B8%E0%B6%BB%E0%B7%94+%E0%B6%B1%E0%B7%9A%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD+%E0%B7%83%E0%B6%82%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A+%E0%B7%83%E0%B7%90%E0%B6%BB%E0%B7%83%E0%B7%99%E0%B6%BA%E0%B7%92
බ්‍රිතාන්‍යයේ කිරුළ හිමි හැරී කුමරු ලබන මාර්තු 20 වනදා සිව්දින සංචාරයක් සඳහා නේපාලයට පැමිණෙනවා.

එහිදී ඔහු පසුගිය වසරේ ඇති වූ මහා භූ කම්පනයෙන් විපතට පත්වූවන් මුණ ගැසෙන අතර හිමාල කඳු තරණයට ද එක්වීමට නියමිතයි.

හැරී කුමරු නේපාල කොමියුනිස්ට් පක්ෂ නායක බිද්්‍යා බන්ඩාරි සහ එරට ප්‍රථම ජනාධිපතිනිය ද මුණ ගැසෙනවා.

නේපාල භූ කම්පනයෙන් අනතුරුව සිදුකළ ජීවිතාරක්ෂක මෙහෙයුම්වලට එක්වූ ගුර්කා සෙබලූන් මුණ ගැසීමට ද හැරී කුමරු අදහස් කරනවා.

2500 කින් පමණ සමන්විත ගුර්කා බලඇණිය නේපාල ගුර්කා ගෝත්‍රිකයන්ගෙන් සමන්විත වන අතර, ඔවුන් බ්‍රිතාන්‍ය හමුදාවේ බලඇණියක් ලෙස කටයුතු කරන්නේ වසර 200 ක පමණ කාලයක සිටයි.