"Like" වෙනස් වෙයි

Friday, 26 February 2016 - 12:13

%22Like%22+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%83%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
ෆේස් බුක් සමාජ වෙබ් අඩවිය ලයික් හෙවත් "Like button" එක තවත් අංග 5 ක් යටතේ හඳුන්වාදී තිබෙනවා.

ඒ මාසයක් පමණ රටවල් කිහිපයක් පුරා සිදුකල පරී්ක්ෂණයකින් පසුවයි.

මේ අනුව ෆේස් බුක් තුල මෙතෙක් පැවති "Like button" එකට “love,” “haha,” “wow,” “sad,” සහ  “angry”   යන කොටස් එක්කර තිබෙනවා.

"Like button" එක වෙනුවෙන් මෙම කොටස් හඳුන්වාදීමට ෆේස්බුක් සමාගම තීරණය කරනු ලැබුවේ මීට වසරකට පමණ පෙරදීයි.

තම මිතුරන් ෆේස් බුක් වෙබ් අඩවිය තුල පළ කරන ඡායාරූප හෝ ඔවුන්ගේ අදහස් සියල්ලටම ලයික් බටන් එක තුලින් කැමැත්ත පළ කිරීමට එහා ගිය වෙනස් අදහසක් එක් කිරීම සමාගමේ අපේක්ෂාව වී තිබෙනවා.