මන්නාරම් මුහුදේදී ධීවරයන් තිදෙනෙකුට ප්‍රහාරයක්

Friday, 26 February 2016 - 13:45

%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F%E0%B6%BB%E0%B6%B8%E0%B7%8A+%E0%B6%B8%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AF%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%B0%E0%B7%93%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%92%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%A7+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
මන්නාරම - වංකාලෙයි ප්‍රදේශයෙන් ඊයේ රාත්‍රියේ මුහුදු ගිය ධීවරයන් තුන් දෙනෙකුට වංකාලෙයි මුහුදේදී අද (26) අලූයම නාඳුනන පිරිසක් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

එහිදී ධීවර යාත්‍රාවේ සිටි දෙදෙනෙකු දිවි බේරාගැනීමට සමත්ව ඇති අතර, එක් ධීවරයෙකු අතුරුදන්ව ඇති බවයි වංකාලෙයි පොලිසිය කියා සිටියේ.

මෙම ධීවරයින් තුන්දෙනා ධීවර කටයුතුවල නිරතව සිටියදී එක්වරම යාත්‍රාවකින් පැමිණි පිරිසක් පහරදී ඇති අතර, එහිදී එක් ධීවරයෙකු මුහුදට පැන ගොඩබිමට පිහිනාගෙන පැමිණ තිබෙනවා.

පසුව ඔහු වංකාලෙයි පොලිසියට පැමිණිලි කිරීමෙන් අනතුරුව අදාළ සිද්ධිය වූ ස්ථානයට යාමේදී එක් ධීවරයෙකු යාත්‍රාවේ වැටී සිටියදී සොයාගෙන ඇති අතර, අනෙක් ධීවරයා අතුරුදන් වී ඇති බවයි වාර්තා වන්නේ.

ධීවර යාත්‍රාවේ වැටී සිටියදී සොයාගත් ධීවරයා පහරකෑමට ලක්ව ඇති අතර, ඔහු මන්නාරම රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන තිබෙනවා.

මේ වනවිට අතුරුදන් වූ ධීවරයා සොයා නාවික හමුදාව සහ ධීවරයින් මෙහෙයුම් ආරම්භ කර ඇති අතර, මෙලෙස ප්‍රහාරයක් එල්ල කරන්නට ඇත්තේ ඉන්දීය ධීවරයින් පිරිසක් බවට සැක පළ කෙරෙනවා.