සෝමාලි හෝටලයකට ත්‍රස්ත ප්‍රහාරයක්

Saturday, 27 February 2016 - 8:29

%E0%B7%83%E0%B7%9D%E0%B6%B8%E0%B7%8F%E0%B6%BD%E0%B7%92+%E0%B7%84%E0%B7%9D%E0%B6%A7%E0%B6%BD%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%83%E0%B7%8A%E0%B6%AD+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
අප්‍රිකානු - සෝමාලි රාජ්‍යයේ මොගඩිෂූ අගනුවර හෝටලයකට ඊයේ නැවතත් ත්‍රස්ත ප්‍රහාරයක් එල්ලවුණා.

එහිදී අවම වශයෙන් පුද්ගලයන් 9 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

මෙම ප්‍රහාරය සෝමාලියාවේ අල් - ෂබාබ් ඉස්ලාමීය අන්තවාදී කල්ලිය විසින් එල්ල කරන්නට ඇති බවයි විශ්වාස කරන්නේ.

සෝමාලි තරුණ ලීගයට අයත් මෙම හෝටලය ඉදිරිපිට මෝටර් රථ බෝම්බයක් පුපුරුවා ඊට කඩාවැදුනු සන්නද්ධ ත්‍රස්තවාදීන් වෙඩි තැබීම් සිදුකර ඇති අතර, ප්‍රහාරයට පැමිණි හතරදෙනෙකු ද ගැටුමේදී මියගොස් තිබෙනවා.

මොගඩිෂූ අගනුවර ජනයා රොක්වී සිටින සාම උද්‍යානයේද ඊයේ පිපිරවීමක් සිදුවී ඇති අතර, එහිදී සිදුවූ හානි පිළිබඳව මෙතෙක් වාර්තාවී නැහැ.

ප්‍රහාර එල්ලවූ මෙම ස්ථාන දෙකම පිහිටා ඇත්තේ සෝමාලියානු ජනාධිපති නිවහනට ආසන්නවයි.