විදුලිය බිඳ වැටීමට හේතුව නොසැලකිල්ල ?

Saturday, 27 February 2016 - 8:45

%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%BD%E0%B7%92%E0%B6%BA+%E0%B6%B6%E0%B7%92%E0%B6%B3+%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B7%84%E0%B7%9A%E0%B6%AD%E0%B7%94%E0%B7%80+%E0%B6%B1%E0%B7%9C%E0%B7%83%E0%B7%90%E0%B6%BD%E0%B6%9A%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD+%3F
පෙරේදා දිනයේදී පැය තුනකට ආසන්න කාලයක් දිවයින පුරා හදිසි විදුලි බිඳවැටීමට හේතුව නොසැලකිලිමත්කම නිසා ඇතිවූවක් බව බලශක්ති විශේෂඥ ආචාර්ය තිලක් සියඹලාපිටිය පවසනවා.

හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ විදුලිබල පද්ධතියේ ඇතිවූ අසමතුලිතතාවක් නිසා මෙම තත්ත්වය ඇතිවූ බවයි.

මේ අතර ඊයේ රාත්‍රි කාලයේත් දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට විදුලිය විසන්ධිවීම් සිදුවූ බව අප වාර්තාකරුවන් ප්‍රකාශ කළා.

නොරොච්චෝලේ විදුලි බලාගාරය සම්පූර්ණයෙන්ම අක්‍රියව ඇති බැවින් එය යථා තත්ත්වයට පත්වන තුරු ඇතැම් ප්‍රදේශවලට සුළු විදුලි බිඳවැටීම් ඇති විය හැකි බවයි එම බලාගාරයේ ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

විදුලිය සම්ප්‍රේෂණය කරන අධිවෝල්ටීය විදුලි රැහැන් පද්ධතියේ පෙරේදා හටගත් තාක්ෂණික දෝෂයක්  නිසා තවමත් නොරොච්චෝලේ විදුලි බලාගාරය අක්‍රියව පවතින බැවින් විදුලිය අරපිරිමැස්මෙන් භාවිතා කරන ලෙස විදුලිබල මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලීමක්ද කළා.

විදුලිබල මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ පස්වරු 6.30 ත් රාත්‍රී 10.30 ත් අතර කාලය තුළ වායුසමීකරණ, ශීතකරණ ආදිය භාවිතා කිරීම අවම කරන ලෙසයි.