UNHRC සම්බන්ධීකරණ කාර්යාලයක් ලංකාවේ පිහිටුවන ලෙස බලපෑම්

Saturday, 27 February 2016 - 9:10

UNHRC+%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B7%93%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BA%E0%B7%8F%E0%B6%BD%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%B4%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B6%B1+%E0%B6%BD%E0%B7%99%E0%B7%83+%E0%B6%B6%E0%B6%BD%E0%B6%B4%E0%B7%91%E0%B6%B8%E0%B7%8A
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ සම්බන්ධීකරණ කාර්යාලයක් ශ්‍රී ලංකාවේ ස්ථාපිත කරන ලෙස ලක් රජයට බල කරන්නැයි ජාත්‍යන්තර ක්‍ෂමා ආයතනය පවසනවා.

ඒ සඳහා වන ලිඛිත ඉල්ලීමක් ඉදිරි සතියේ ජිනීවා නුවරදී ආරම්භවන ජගත් මානව හිමිකම් මණ්ඩල සැසිවාරය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

පසුගිය වසරේ ජගත් මානව හිමිකම් මණ්ඩලයේදී දේශීය හා ජාත්‍යන්තර වශයෙන් ලබාදුන් ප්‍රතිඥා ඉටුකරලීම සඳහා ශ්‍රී ලංකාව දිරිගැන්විය යුතු බවත්, ජාත්‍යන්තර ක්‍ෂමා ආයතනය වැඩිදුරටත් ප්‍රකාශ කළා.

මානව හිමිකම් මණ්ඩල යෝජනාව ක්‍රියාත්මක කරලීමේ ප්‍රගතිය අධීක්ෂනය කිරීම සඳහා එහි සම්බන්ධීකරණ කාර්යාලයක් ශ්‍රී ලංකාවේ පිහිටුවීම අත්‍යාවශ්‍ය බව එමඟින් වැඩිදුරටත් පෙන්වා දෙනවා.