විශ්වා වර්ණපාල මහතා අභාවප්‍රාප්ත වෙයි

Saturday, 27 February 2016 - 9:20

%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%8A%E0%B7%80%E0%B7%8F+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%AB%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD+%E0%B6%B8%E0%B7%84%E0%B6%AD%E0%B7%8F+%E0%B6%85%E0%B6%B7%E0%B7%8F%E0%B7%80%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%B4%E0%B7%8A%E0%B6%AD+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් මහාචාර්ය විශ්වා වර්ණපාල කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අද උදෑසන අභාවප්‍රාප්ත වුණා.

මියයන විට ඔහු 79 වන වියේ පසුවුණා.

ප්‍රවීන දේශපාලනඥයෙකු වන මහාචාර්ය විශ්වා වර්ණපාල පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු මෙන්ම උසස් අධ්‍යාපන කැබිනට් අමාත්‍යවරයා ලෙසද කටයුතු කර තිබෙනවා.

ඔහු එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් ධුරයට පත් කරගැනුනේ පසුගිය වසරේ අගෝස්තු 14 වනදායි.

අභාවප්‍රාප්ත මහාචාර්ය විශ්වා වර්ණපාලගේ අවසන් කටයුතු ලබන සඳුදා සිදුකිරීමට නියමිතයි.

ඒ, බොරැල්ල පොදු සුසාන භූමියේදීයි.