දැදිගමදී වෑන් රථයක් අනතුරට ලක්වීමෙන් 11 දෙනෙකුට බරපතල තුවාල

Saturday, 27 February 2016 - 11:28

%E0%B6%AF%E0%B7%90%E0%B6%AF%E0%B7%92%E0%B6%9C%E0%B6%B8%E0%B6%AF%E0%B7%93+%E0%B7%80%E0%B7%91%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BB%E0%B6%AE%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%A7+%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+11+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%A7+%E0%B6%B6%E0%B6%BB%E0%B6%B4%E0%B6%AD%E0%B6%BD+%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%8F%E0%B6%BD
දැදිගම - නෙලූන්දෙණිය අංක 66 කිලෝමීටර් කණුව අසලදී වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අසල නවතා තිබූ ටිපර් රථයක ගැටී සිදුවූ අනතුරකින් පුද්ගලයන් 11 දෙනෙකු බරපතල තුවාල ලබා තිබෙනවා.

අද අලුයම මහනුවර සිට කොළඹ දෙසට ධාවනය වෙමින් තිබූ වෑන් රථයකුයි මෙලෙස අනතුරට ලක්වී ඇත්තේ.

කාන්තාවන් 05 දෙනෙකු සහ පිරිමි පුද්ගලයන් 06 දෙනෙකු මෙලෙස කෑගල්ල රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලීසිය සඳහන් කළේ.