වරාය නගරයෙන් භූ - දේශපාලනයට දැඩි බලපෑමක් ?

Saturday, 27 February 2016 - 12:40

%E0%B7%80%E0%B6%BB%E0%B7%8F%E0%B6%BA+%E0%B6%B1%E0%B6%9C%E0%B6%BB%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B7%E0%B7%96+-+%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B6%AF%E0%B7%90%E0%B6%A9%E0%B7%92+%E0%B6%B6%E0%B6%BD%E0%B6%B4%E0%B7%91%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A+%3F
කොළඹ වරාය නගර ව්‍යාපෘතිය නැවත ආරම්භ කිරීමට ශ්‍රී ලංකාව ගනු ලැබූ තීරණය හේතුවෙන් කලාපයේ භූ - දේශපාලනයට දැඩි බලපෑමක් එල්ල වන බව ජපාන පුවත්පතක් පවසනවා.

සුප්‍රකට නිකේ ව්‍යාපාරික පුවත්පත වෙනුවෙන් එහි ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙකු ගොනුකළ ලිපියක දැක්වෙන්නේ එමගින් කලාපය තුළ චීනයේ බලය තවදුරටත් ශක්තිමත් වන බවයි.

ආසියාව සහ මැදපෙරදිග යා කරන වැදගත් නාවික මාර්ග සන්ධිස්ථානයක, ශ්‍රී ලංකාව පිහිටා තිබෙනවා.

එය චීනය සැලසුම් කර ඇති සාමුද්‍රික සේද මාර්ගයට ඇතුළත්වීමෙන් චීනයට ක්‍රමෝපාය වාසියක් සැලසෙන බව නිකේ පුවත්පතේ අදහසයි.

එමගින් ජපානය, ඇමරිකා එක්සත් ජනපදය ඇතුළු අග්නිදිග ආසියාවේ අනෙකුත් රටවලට ද බලපෑමක් එල්ල වන බව ජපාන පුවත්පත වැඩිදුරටත්
සඳහන් කළා.

ශ්‍රී ලංකාව චීන ආයෝජන කෙරෙහි නැවත යොමුවීම මගින් එම අවදානම ඇතිවී තිබෙන බව නිකේ මාධ්‍යවේදියා ප්‍රකාශ කළා.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ වරාය නගර ව්‍යාපෘතිය සම්බන්ධයෙන් පැවති අර්බුදය සාධාරණ අන්දමින් විසඳා ගැනීමට හැකිවීයැයි චීන විදේශ අමාත්‍යාංශය පැවසූ බවයි.