ශ්‍රී ලංකාව යා යුතු මග දුරයි. ඇමරිකාව කියයි

Sunday, 28 February 2016 - 7:46

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80+%E0%B6%BA%E0%B7%8F+%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%94+%E0%B6%B8%E0%B6%9C+%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B6%BA%E0%B7%92.+%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
ශ්‍රී ලංකාවට ඉදිරි මග අභියෝග රැසක් ජයගැනීමට පවතින බව ඇමරිකාව පවසනවා.

ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ සහකාර රාජ්‍ය ලේකම් නීශා බිස්වාල් මේ බව ප්‍රකාශ කළේ විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර සමඟ වොෂිංටනයේ සාම ආයතනයේ පැවති සම්මන්ත්‍රණයකට එක්වෙමින්.

සංහිඳියාව සහ යුක්තිය ඉටුකරලීම සම්බන්ධයෙන් වැදගත් ක්‍රියාමාර්ග රැසක් ගැනීමට ශ්‍රී ලංකාවට සිදුව තිබෙනවා.

එම ගමන් මග අභියෝග රැසක් පැවතිය හැකි බවයි ඇමරිකානු රාජ්‍ය සහකාර ලේකම්වරිය සඳහන් කළේ.

යුද්ධය සහ බෙදීම් පැතිරුණු පසුගිය අඳුරු යුගයේ පැවති තත්ත්වයට වඩා දීප්තිමත් යුගයකට ශ්‍රී ලංකාව අවතීර්ණ වී සිටිනවා.

රටේ සියලූ ජනතාවගේ අනාගතය වෙනුවෙන් ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමට වැදගත් පියවර රැසක් ගෙන අවසන්.

අතීතයේ අඳුරු යුගයේ ශ්‍රී ලංකාව තවදුරටත් රැඳී නොසිටින බව මෙමඟින් පසක් වනවා.

පසුගිය වසරේ ජනවාරි 8 වනදා සිදුවූ දේශපාලන පෙරළියෙන් ශ්‍රී ලංකා ජනතාව භීතියේ සහ බෙදීමේ දේශපාලනය අවසන් කර රට එක්ව ඉදිරියට යා යුතු බව තීරණය කළා.

එම ගමන් මගේදී ඇමරිකා එක්සත් ජනපදය මිතුරෙකු සහ පාර්ශවකරුවෙකු ලෙස ශ්‍රී ලංකාවට සහය වන බවයි ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම් නීශා බිස්වාල් අවධාරණය කළේ.