සිංගප්පූරුවට ගිය ජනපති යළි දිවයිනට

Sunday, 28 February 2016 - 8:28

%E0%B7%83%E0%B7%92%E0%B6%82%E0%B6%9C%E0%B6%B4%E0%B7%8A%E0%B6%B4%E0%B7%96%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B6%A7
සිංගප්පූරුවේ කෙටි සංචාරයක නිරතවූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඊයේ රාත්‍රියේ යළි දිවයිනට පැමිණියා.

හිරු ගුවන් තොටුපල වාර්තාකරු සදහන් කළේ ජනාධිපතිවරයා සිය පවුලේ සාමාජිකයින් ද සමග යූ.එල්. 309 ගුවන් යානයෙන් ඊයේ රාත්‍රී 9 ට පමණ කටුනායක ගුවන් තොටුපළට ළඟාවූ බවයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඊයේ උදෑසන සිංගප්පූරුව බලා පිටත්වූයේ එහි මවුන්ට් එලිසබෙත් රෝහලේ ප්‍රතිකාර ලබන සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්නගේ සුවදුක් බැලීම සදහායි.