සියඹලාණ්ඩුවේ ගංජා හේනක් ගිනි තබයි

Sunday, 28 February 2016 - 9:35

%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%B9%E0%B6%BD%E0%B7%8F%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B6%9C%E0%B6%82%E0%B6%A2%E0%B7%8F+%E0%B7%84%E0%B7%9A%E0%B6%B1%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%92+%E0%B6%AD%E0%B6%B6%E0%B6%BA%E0%B7%92
සියඹලාණ්ඩුව - කිවුලේයාය - 40 කණුව ප්‍රදේශයේදී නීතිවිරෝධීව පවත්වාගෙන ගිය ගංජා හේනක් පොලිසිය විසින් ගිනිතබා තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේ ලද තොරතුරකට අනුව අදාළ වැටලීම සිදුකළ බවයි.

එහිදී ගංජා පැල 7000 ක් සොයාගත් අතර, ඒවා ගිනිබත් කළ බව පොලීසිය සඳහන් කළා.  

මෙම ගංජා හේන පවත්වාගෙන ගිය 56 හැවිරිදි සැකකරුවෙකු පොලිසිය අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු අද සියඹලාන්ඩුව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.