හිලරි ක්ලින්ටන්ට තවත් ජයක්

Sunday, 28 February 2016 - 10:00

%E0%B7%84%E0%B7%92%E0%B6%BD%E0%B6%BB%E0%B7%92+%E0%B6%9A%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%A2%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
ඇමරිකාවේ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂකත්වය සඳහා පැවති තවත් ඡන්ද විමසීමකින් හිටපු ජනාධිපති බිල් ක්ලින්ටන්ගේ බිරිඳ සහ හිටපු ඇමරිකානු රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් පැහැදිලි ජයක් අත්කරගෙන තිබෙනවා.

මෙම මැතිවරණය පැවැත්වුණේ ඇමරිකාවේ දකුණු කැරලයිනා ප්‍රාන්තය සඳහායි.

මෙම ජයග්‍රහණය වැදගත් වන්නේ ලබන අඟහරුවාදා මෙලෙස ප්‍රාන්ත 11 ක ඡුන්ද විමසීම පැවැත්වීම හේතුවෙන්.

මේ අනුව ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂකත්වය සඳහා මෙතෙක් පැවති ඡන්ද විමසීම් හතරකින් තුනක්ම ජයගෙන ඇත්තේ හිලරි ක්ලින්ටන්.

නිව් හැම්ප්ෂයර් ප්‍රාන්තය සඳහා පැවති ඡන්ද විමසීමෙන් ජයග්‍රහණය කළේ හිලරි ක්ලින්ටන්ගේ ප්‍රතිවාදී බර්නි සැන්ඩර්ස් විසින්.