මාලදිවයිනේදී අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකිකයා තවදුරටත් රිමාන්ඩ්

Sunday, 28 February 2016 - 10:19

%E0%B6%B8%E0%B7%8F%E0%B6%BD%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B7%8F%E0%B6%82%E0%B6%9A%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B7%8F+%E0%B6%AD%E0%B7%80%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A+%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%8A
මාලදිවයින් ජනාධිපති අබ්දුල්ලා යමීන් ඝාතනය කිරීම සඳහා පැවති බව කියන කුමන්ත්‍රණය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ ශ්‍රී ලාංකිකයා එරට අධිකරණය මගින් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

මෙම ශ්‍රී ලාංකිකයා පසුගිය ඔක්තෝම්බර් 24 වනදා මාලදිවයින් පොලීසිය මගින් අත්අඩංගුවට ගනු ලැබූයේ කුමන්ත්‍රණයට සම්බන්ධ ස්නයිපර් වෙඩික්කරුවෙකු බව පවසමින්.

ඉන් අනතුරුව ඔහු අඛණ්ඩව රක්ෂිත බන්ධනාගාර ගතකර තිබුණා.

ඊයේ ඔහු තවත් දින 10 ක් සඳහා නැවත රක්ෂිත බන්ධනාගාර ගතකළ බවයි මාලදිවයින් පොලීසිය නිවේදනය කළේ.

ශ්‍රී ලාංකිකයා සේවය සඳහා යොදවා ගත් බව කියන මාලදිවයින් ජාතිකයන් තුන්දෙනෙකු පසුගිය දෙසැම්බර් 17 වනදා අත්අඩංගුවට ගත් අතර ඔවුන්ට එරෙහිව ප්‍රමාණවත් සාක්ෂි නොමැති බව පවසමින් අධිකරණය ඔවුන් නිදහස් කරනු ලැබුවා.