උතුරු නැගෙනහිරට පෙඩරල් පාලනයක්?

Monday, 29 February 2016 - 8:41

%E0%B6%8B%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%B1%E0%B7%90%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%84%E0%B7%92%E0%B6%BB%E0%B6%A7+%E0%B6%B4%E0%B7%99%E0%B6%A9%E0%B6%BB%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A%3F
උතුර සහ නැගෙනහිර පළාත් දෙක සදහා පෙඩරල් පාලන ක්‍රමයක් ලබාදීමට මැදිහත්  වන ලෙසට තමන් ඉන්දීය නායකයින්ගෙන් ඉල්ලා සිටි බව උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය CV විග්නේස්වරන් ප්‍රකාශ කර තිබෙනවා.

ප්‍රධාන අමාත්‍යයවරයා මේ බව පැවසුවේ ඊයේ (28) පස්වරුවේ  විද්වතුන් පිරිසක්  අමතමිනුයි.

දෙමළ ජනතාව දේශපාලනික වශයෙන් ඉතාම භීෂණකාරී වටපිටාවක ජීවත් වූ අවස්ථාවේදී ඔවුන්ව බේරාගැනීමට ඉන්දියාව මැදිහත් වූණ බව ඔහු එහිදී සිහිපත් කර තිබෙනවා.

මෙවරද පෙඩරල් පාලනයක් ලබා ගැනී සදහා ඉන්දියාව මැදිහත්වනු ඇතැයි තමන් විශ්වාස කරන බවයි ප්‍රධාන අමාත්‍යවරයා සදහන් කර ඇත්තේ.

යුද්ධය නිමාවීමෙන් පසුව දෙමළ ජනතාව යළිත් වරක් දේශපාලන කුණාටුවකට හසුවී සිටින බැවින්  එම ජනතාවට  දේශපාලනමය විසදුමක් වශයෙන් ඇත්තේ පෙඩරල් විසදුමක් පමණක් බවට ඉන්දියාව තේරුම් ගෙන සිටින බවත් විග්නේස්වරම් සදහන් කර තිබෙනවා.