පොහොර ගැටළුව ගැන ජනපති - අගමැති විශේෂ සාකච්ඡාවක්

Monday, 29 February 2016 - 8:18

%E0%B6%B4%E0%B7%9C%E0%B7%84%E0%B7%9C%E0%B6%BB+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%85%E0%B7%94%E0%B7%80+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+-+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82+%E0%B7%83%E0%B7%8F%E0%B6%9A%E0%B6%A0%E0%B7%8A%E0%B6%A1%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
වී සහ අනෙකුත් භෝග සඳහා පොහොර බෙදාහැරීම සම්බන්ධයෙන් උද්ගත වී ඇති ගැටළු විසඳීම සඳහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් අද පැවැත්වෙනවා.

ජනාධිපති ලේකම් කාර්යාලයේ පෙරවරුවේ පැවැත්වෙන මෙම සාකච්ඡාව සඳහා මුදල් අමාත්‍ය රවී කරුණානායක, කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මෙන්ම එම අමාත්‍යාංශවල නිලධාරීන් ද එක්වනු ඇති.

කෘතිම ලෙස මිල ඉහළ නැංවීම සඳහා ඇතැම් අපනයනයකරුවන් පොහොර සඟවාගෙන සිටින බවට තොරතුරු ලැබී ඇති හෙයින් ඒ පිළිබඳව අවශ්‍ය පියවර ගන්නා ලෙස කෘෂිකර්ම අමාත්‍යවරයා පාරිභෝගික අධිකාරියට මේ වනවිටත් නියෝග කර තිබෙනවා.

මේ අතර නව රජයේ පොහොර සහනාධාරය ලබාගැනීම සඳහා බැංකු ගිණුම් ආරම්භ කිරීමට යාමේදී අපහසුතා රැසකට ගොවීන් මුහුණදුන් බවට වාර්තාවුණා.

ආණ්ඩුව විසින් සහනාධාරය ලබාගැනීම සඳහා ගොවීන්ට බැංකු ගිණුම් ආරම්භ කරන ලෙස දැනුම්දී තිබුණේ පසුගිය 26 සහ 27 යන දෙදින තුළයි.

අදාළ දිනයන් හි රාජ්‍ය බැංකු වෙත ගිය ගොවීන්ට අපහසුතාවලට මුහුණදීමට සිදුවූයේ ඒ සඳහා ප්‍රමාණවත් නිලධාරීන් නොමැතිවීම හේතුවෙන්.