රතු කුරුස සංවිධානයේ මහ ලේකම් හෙට දිවයිනට

Monday, 29 February 2016 - 11:43

%E0%B6%BB%E0%B6%AD%E0%B7%94+%E0%B6%9A%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B7%83+%E0%B7%83%E0%B6%82%E0%B7%80%E0%B7%92%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B8%E0%B7%84+%E0%B6%BD%E0%B7%9A%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A+%E0%B7%84%E0%B7%99%E0%B6%A7+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B6%A7
ජාත්‍යන්තර රතු කුරුස සංවිධානයේ මහ ලේකම් එල්හාජ් අස් - සී තෙදින නිල සංචාරයක් සඳහා හෙට දිවයිනට පැමිණෙනවා.

ජාත්‍යන්තර රතු කුරුස සංවිධානයේ ආධාර මත උතුරේ දියත් කර ඇති පශ්චාත් යුද සමයේ ප්‍රතිසංවිධාන ක්‍රියාවලිය අධීක්ෂණය කිරීම ඔහුගේ මෙම සංචාරයේ මූලික අරමුණ බව ශ්‍රී ලංකා රතු කුරුස සංගමය ප්‍රකාශ කළා.

මෙම සංචාරයේදී ජාත්‍යන්තර රතු කුරුස සංවිධානයේ මහ ලේකම්වරයා උතුර පළාතේ සංචාරය කිරීමට නියමිත අතර, යාපනයේ සහ කිලිනොච්චි ප්‍රදේශවල පැවැත්වෙන වැඩසටහන් කිහිපයකටද ඔහු එක්වීමට නියමිතයි.

මේ අතර ජාත්‍යන්තර රතු කුරුස සංවිධානයේ මහ ලේකම් එල්හාජ් අස්-සී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනද හමුවීමට නියමිත බව ශ්‍රී ලංකා රතු කුරුස සංගමය සඳහන් කළා.