Update : පොහොර මිටියක් 2500ට ලබාදෙන්න ජනපති උපදෙස්

Monday, 29 February 2016 - 13:05

Update+%3A+%E0%B6%B4%E0%B7%9C%E0%B7%84%E0%B7%9C%E0%B6%BB+%E0%B6%B8%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+2500%E0%B6%A7+%E0%B6%BD%E0%B6%B6%E0%B7%8F%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%8B%E0%B6%B4%E0%B6%AF%E0%B7%99%E0%B7%83%E0%B7%8A
ගොවීන් සඳහා වෙළඳපොලේ පවතින පොහොර මිටියක් රුපියල් 2500ක උපරිම සිල්ලර මිලකට යටත්ව ලබාදෙන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අදාල අංශ වෙත උපදෙස් ලබාදී තිබෙනවා.

දැනට වෙළඳපොලේ පොහොර මිටියක් රුපියල් 3500, 3400 සහ 2750ක් යන මිල ගණන් යටතේ අලෙවි කෙරෙන බව සඳහන්.

පොහොර ලබාගැනීම ඇතුලූ ගැටළු රැසක් සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ සාකච්ඡාවක් පැවැත්වුණා.

ඊට මුදල් සහ කෘෂිකර්ම අමාත්‍යවරුන්  මෙන්ම එම අමාත්‍යාංශවල නිලධාරීන්ද එක්ව සිටියා.

එමෙන්ම ගොවීන්ට  ඕනෑම බැංකුවක් හරහා පොහොර සහනාධාරය ලබාගැනීමට අවශ්‍ය පහසුකම් සලසන ලෙසද ජනාධිපතිවරයා උපදෙස් ලබාදී තිබෙනවා.

මීට පෙර මෙම සහනාධාරය ලබාගැනීම සඳහා රාජ්‍ය බැංකුවල ගිණුම් ආරම්භ කරන ලෙසටයි ගොවීන්ට දැනුම්දී තිබුණේ.

මෙම ගිණුම් ආරම්භ කිරීමට යාමේදී ගොවි ජනතාව අපහසුතා රැසකට මුහුණදී තිබූ බවට පසුගියදා වාර්තාවුණා.

මේ අතර, පැරණි ක්‍රමයටම පොහොර සහනාධාරය ලබාදෙන ලෙස ඉල්ලා ගොවීන් පිරිසක් කුරුණෑගල - ඇල්ල හරහා අනුරාධපුරය දක්වා දිවෙන මාර්ගය අවහිර කරමින් අද පෙරවරුවේ විරෝධතාවක නිරතවුණා.

එම මාර්ගය ඉකිරිවැව මංසන්ධිය අසලින් අවහිර කරමින් විරෝධතාවයේ නිරතවීම නිසා එහි ගමනාගමන කටයුතුවලට බාධා මතුවූ බවයි හිරු වාර්තාකරු ප්‍රකාශ කළේ.

මහවැලි සී කලාපයේ ගොවීන් පිරිසක් ද අද මහියංගනය නගරයේදී විරෝධතාවක නිරත වූයේ පොහොර සහනාධාරය පැරණි ක්‍රමයටම ලබාදෙන ලෙස ඉල්ලමින්.

අනුරාධපුර - තලාව ගොවිජන සේවා කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක් පැවැත්වුණේ අනුරාධපුර - පාදෙනිය ප්‍රධාන මාර්ගය අවහිර කරමින්.

පොහොර සහනාධාරය ලබා ගැනීම සඳහා නව ගිණුම් විවෘත කිරීමට අගලවත්ත ප්‍රදේශයේ රාජ්‍ය බැංකුවක් වෙත පැමිණි අගලවත්ත - හරන්කහපන ගොවි සමිතියේ ගොවීන් පිරිසක් ද එහි රැදී සිටිමින් විරෝධතාවක නිරත වුණා.

මේ අතර, අද පස්වරුවේ කොළඹ කැදවා තිබූ මාධ්‍ය හමුවකදී මුදල් අමාත්‍ය රවී කරුණානායක කියා සිටියේ රට තුළ පොහොර හිඟයක් පවතින බවට සාවද්‍ය මතයක් පවතින බවයි.



Update : Monday, February 29, 2016 09.20
-------------------------------------------

පොහොර මිටියක් 2500ට ලබාදෙන්න ජනපති උපදෙස්

ගොවීන් සඳහා වෙළඳපොලේ පවතින පොහොර මිටියක් රුපියල් 2500 ක උපරිම සිල්ලර මිලකට යටත්ව ලබාදෙන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අදාල අංශ වෙත උපදෙස් ලබාදී තිබෙනවා.

දැනට වෙළඳපොලේ පොහොර මිටියක් රුපියල් 3500, 3400 සහ 2750 ක් යන මිල ගණන් යටතේ අලෙවි කෙරෙන බව සඳහන්.

පොහොර ලබාගැනීම ඇතුලූ ගැටළු රැසක් සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ සාකච්ඡාවක් පැවැත්වුණා.

ඊට මුදල් සහ කෘෂිකර්ම අමාත්‍යවරුන්  මෙන්ම එම අමාත්‍යාංශවල නිලධාරීන්ද එක්ව සිටියා.

එමෙන්ම ගොවීන්ට  ඕනෑම බැංකුවක් හරහා පොහොර සහනාධාරය ලබාගැනීමට අවශ්‍ය පහසුකම් සළසන ලෙසද ජනාධිපතිවරයා උපදෙස් ලබාදී තිබෙනවා.

මීට පෙර මෙම සහනාධාරය ලබාගැනීම සඳහා රාජ්‍ය බැංකුවල ගිණුම් ආරම්භ කරන ලෙසටයි ගොවීන්ට දැනුම්දී තිබුණේ.

මෙම ගිණුම් ආරම්භ කිරීමට යාමේදී ගොවි ජනතාව අපහසුතා රැසකට මුහුණදී තිබූ බවට පසුගියදා වාර්තාවුණා.

මේ අතර පැරණි ක්‍රමයටම පොහොර සහනාධාරය ලබාදෙන ලෙස ඉල්ලා ගොවීන් පිරිසක් කුරුණෑගල - ඇල්ල හරහා අනුරාධපුරය දක්වා දිවෙන මාර්ගය අවහිර කරමින් මේ වනවිට විරෝධතාවක නිරතවනවා.

එම මාර්ගය ඉකිරිවැව මංසන්ධිය අසලින් අවහිර කරමින් විරෝධතාවයේ නිරතවීම නිසා එහි ගමනාගමන කටයුතුවලට බාධා මතුව ඇති බවයි හිරු වාර්තාකරු ප්‍රකාශ කළේ.