ප්‍රදේශ රැසකට අද වැසි

Tuesday, 01 March 2016 - 6:49

%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AF%E0%B7%9A%E0%B7%81+%E0%B6%BB%E0%B7%90%E0%B7%83%E0%B6%9A%E0%B6%A7+%E0%B6%85%E0%B6%AF+%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%92
අද පෙරවරුවේ දිවයිනේ  උතුරුමැද - නැගෙනහිර හා ඌව පළාත්වල සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

දෙපාර්තමේන්තුව නිකුත් කල කාලගුණ අනාවැකියේ දැක්වන්නේ  පස්වරු 4න් පසු  සෙසු පළාත් වලද වැසි ඇතිවන බවයි.

ඇතැම් ස්ථාන වලට ගිගුරුම් සහිත වැසි ඇතිවන බවද කාලගුණ අනාවැකියේ සදහන්.

කඳුකර ප්‍රදේශවල සහ දිවයිනේ නිරිතදිග  ප්‍රදේශ වලට අද උදෑසන මිදුම් තත්ත්වයක් වර්ධනය විය හැකියි.

එබැවින් රිය ධාවනයේදී සැළකිලිමත්වන්නැයි රියදුන්ට දැනුම් දෙනවා.