ශ්‍රී ලංකාවේ ණය වර්ගීකරණයත් පහතට

Tuesday, 01 March 2016 - 7:42

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%AB%E0%B6%BA+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%9C%E0%B7%93%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%84%E0%B6%AD%E0%B6%A7
ජාත්‍යන්තර ණය වෙළඳපළ සඳහා ඉදිරිපත් කෙරෙන ශ්‍රී ලංකාවේ ක්‍රයශක්ති වර්ගීකරණය පහත හෙළා තිබෙනවා.

ෆිච් රේටින් මගින් මීට පෙර ශ්‍රී ලංකාවට ලබාදී තිබුණේ බී බී ඍණ වර්ගීකරණයයි.

එය පහළ මට්ටමේ ඍණාත්මක පසුබිමක් සහිත බී ධන වර්ගීකරණය දක්වා පහත හෙලීමටයි පියවර ගෙන ඇත්තේ.

මෙරට විදේශ සංචිත වැටීම ඉහළ ජාත්‍යන්තර ණයකර ප්‍රමාණයක් කල්පිරීම සහ මූල්‍ය ප්‍රතිපත්තිවල නොගැලපීම් ෆිච් රේටින් මගින් ඒ සඳහා හේතු ලෙස දක්වා තිබෙනවා.

ශ්‍රී ලංකාවට ඉදිරියේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇතුළු ආයතනවලින් තවදුරටත් ණය ලබා ගැනීමේ අවශ්‍යතාව ද මෙහිදී සැලකිල්ලට ගෙන ඇති බව සදහන්.

මෙලෙස ශ්‍රී ලංකාවේ ණය ගෙවීමේ හැකියාව පිළිබඳ දර්ශකය පහත හෙලීම තුළින් ආයෝජකයන්ගේ ආකර්ශනය අඩුවිය හැකි බවට ද ෆිච් රේටින් ජාත්‍යන්තර විගණන ආයතනය අනතුරු ඇගවීමක් කර තිබෙනවා.  

මේ අතර පසුගිය රජය රටට දරාගත නොහැකි පරිදි අසීමිත ලෙස ණය ලබාගෙන ඇතැයි මුදල් අමාත්‍ය රවී කරුණානායක ප්‍රකාශ කළා.

ඒ සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ද රජයෙන් විමසීමක් කර ඇති බවයි මුදල් අමාත්‍යාංශයේ ඊයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ.