නාම යෝජනා අයදුම්පත් භාර ගැනීම එජාපය කල් දමයි.

Tuesday, 01 March 2016 - 8:37

%E0%B6%B1%E0%B7%8F%E0%B6%B8+%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F+%E0%B6%85%E0%B6%BA%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B7%E0%B7%8F%E0%B6%BB+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8+%E0%B6%91%E0%B6%A2%E0%B7%8F%E0%B6%B4%E0%B6%BA+%E0%B6%9A%E0%B6%BD%E0%B7%8A+%E0%B6%AF%E0%B6%B8%E0%B6%BA%E0%B7%92.
පළාත් පාලන මැතිවරණය සඳහා නාම යෝජනා අපේක්ෂා කරන අයගෙන් අයදුම්පත් කැදවීම ලබන මාර්තු 31 වන දා දක්වා දීර්ඝ කිරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබෙනවා.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ලබාදුන් උපදෙස් අනුව මෙම තීරණය ගත් බව සදහන්.

එක්සත් ජාතික පක්ෂයෙන් පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වීමට අපේක්ෂා කරන අයගෙන් අයදුම්පත් භාර ගැනීම පෙබරවාරි මස 29 වන දින අවසන් කිරීමට මීට පෙර තීරණය කර තිබුණා.

මේ වන විට පළාත් පාලන මැතිවරණය සඳහා ඉදිරිපත්වීමට සිරිකොත පක්ෂ මූලස්ථානය වෙත අයදුම්පත් 14800කට අධික සංඛ්‍යාවක් ලැබී ඇති බවයි එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සදහන් කළේ.