කෝටි 5ක් දිනූ අයෙක් කුඩුත් සමඟ මාට්ටු

Tuesday, 01 March 2016 - 8:39

%E0%B6%9A%E0%B7%9D%E0%B6%A7%E0%B7%92+5%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B7%96+%E0%B6%85%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9A%E0%B7%94%E0%B6%A9%E0%B7%94%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B6%9F+%E0%B6%B8%E0%B7%8F%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B7%94
මීට වසර දෙකකට පෙර රුපියල් කෝටි 5ක ලොතරැයි දිනුමක් හිමිකර ගත් පුද්ගලයෙකු හෙරොයින් මිලිග්‍රෑම් 80ක් සමඟ ඊයේ රාත්‍රියේ අනුරාධපුර පූජා නගරයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අනුරාධපුර - ගල්කඩවල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන මෙම පුද්ගලයා ලොතරැයි දිනුම ඇදීමට පෙර සිට මත්කුඩු පානයට ඇබ්බැහි වී සිටි බව පරීක්ෂණවලින් අනාවරණ වී ඇති බවයි පොලීසිය ප්‍රකාශ කළේ.

ලොතරැයි දිනුම ඇදීමෙන් පසු වැඩි වශයෙන් මත්කුඩු භාවිතයට ඇබ්බැහි වූ මෙම පුද්ගලයා මේ වන විට එම මුදල් විශාල ප්‍රමාණයක් ද මත්ද්‍රව්‍ය සඳහා වියදම් කර ඇති බවයි පොලිස් පරීක්ෂණවලදී අනාවරණ වී ඇත්තේ.