ඇවන්ගාඩ් ගණකාධිකාරී CIDයට

Tuesday, 01 March 2016 - 9:11

%E0%B6%87%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%8F%E0%B6%A9%E0%B7%8A+%E0%B6%9C%E0%B6%AB%E0%B6%9A%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%93+CID%E0%B6%BA%E0%B6%A7
ඇවන්ගාඩ් මරිටයිම් සමාගමේ ගණකාධිකාරීවරයා අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටීමට නියමිතව තිබෙනවා.

ඒ ගාල්ල ප්‍රධාන මහෙස්ත්‍රාත් නිලූපුලී ලංකාපුර මෙනෙවිය පසුගියදා ලබාදුන් නියෝගයකට අනුවයි.

ගාල්ල වරායේ පාවෙන අවි ගබඩාව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ කරුණු දැක්වීමෙන් පසුවයි මහේස්ත්‍රාත්වරිය මෙම නියෝගය නිකුත් කරනු ලැබුවේ.

ඒ අනුව ඇවන්ගාඩ් සමාගමේ ගිණුම් සම්බන්ධයෙන් කරුණු දැක්වීම සදහා ඔහු අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටීමට නියමිතව තිබෙනවා.