රියදුරකු නොමැති රථයක් අනතුරක

Tuesday, 01 March 2016 - 9:56

%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%94+%E0%B6%B1%E0%B7%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B6%BB%E0%B6%AE%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%9A
රියදුරන් නොමැතිව ධාවනය කිරීම සඳහා ගූගල් සමාගම නිෂ්පාදනය කළ මෝටර් රථයක් ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ දී අනතුරකට මුහුණ දී තිබෙනවා.

එම මෝටර් රථය බස් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇති අතර එහිදී කිසිවෙකු තුවාල ලබා නැහැ.

රියදුරන් නොමැති ගූගල් මෝටර් රථ මීට පෙර ද අනතුරුවලට මුහුණ දී ඇතත් එය තවත් වාහනයක මෙලෙස ගැටී ඇත්තේ ප්‍රථම වතාවටයි.

කෙසේ නමුත් ගූගල් මෝටර් රථයේ පරිගණක සංඥාව නොතකා බස් රථය ඉදිරියට ධාවනය වී ඇත්ද යන්න මේ වන විට පරීක්ෂණ පැවැත්වෙනවා.

පසුගිය පෙබරවාරි 14 වන දා ආදරවන්තයින්ගේ දිනයේදී සිදුවූ මෙම අනතුර පිළිබඳව මාධ්‍ය වෙත තොරතුරු හෙළි කර ඇත්තේ ඊයේ දිනයේදියි.