මහනුවර නව රථ වාහන සැලැස්ම අද අත්හදා බලයි

Tuesday, 01 March 2016 - 11:43

%E0%B6%B8%E0%B7%84%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%BB+%E0%B6%B1%E0%B7%80+%E0%B6%BB%E0%B6%AE+%E0%B7%80%E0%B7%8F%E0%B7%84%E0%B6%B1+%E0%B7%83%E0%B7%90%E0%B6%BD%E0%B7%90%E0%B7%83%E0%B7%8A%E0%B6%B8+%E0%B6%85%E0%B6%AF+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B7%84%E0%B6%AF%E0%B7%8F+%E0%B6%B6%E0%B6%BD%E0%B6%BA%E0%B7%92
මහනුවර නගරයේ පවතින රථ වාහන තදබදයට විසදුමක් ලෙස මාර්ග කිහිපයක එක් දිශාවකට පමණක් වාහන ධාවනය කිරීමේ පෙරහුරුවක් අද පස්වරුවේ ක්‍රියාත්මක බව පොලිස් මූලස්ථානය ප්‍රකාශ කළා. 

ඒ අනුව අද පස්වරු 3.30 සිට රාත්‍රී 7 දක්වා තෝරා ගත් මාර්ග 3ක මෙම රථ වාහන සැලැස්ම ක්‍රියාත්මක වනු ඇති. 

විලියම් ගොපල්ලව මාවතේ දුම්රියපොළ ආසන්නයේ ඇති බුදුපිළිමය අසළ සිට ගැටඹේ දෙසට වාහන ධාවනය කළ යුතු වනවා. 

එමෙන්ම මෙම කාලසීමාව තුළ ගැටඹේ දියකපනාරාමය අසළ වට රවුමේ සිට මහනුවර ඔරලෝසු කණුව දක්වා සිරිමාවෝ බණ්ඩාරනායක මාවතේ වාහන ගමන් කළ හැක්කේ මහනුවර නගරය දෙසට පමණක් බව පොලිස් මූලස්ථානය සදහන් කළා.