ගෘහ සේවයට ගිහින් ගණිකා සේවයේ

Tuesday, 01 March 2016 - 15:14

%E0%B6%9C%E0%B7%98%E0%B7%84+%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B6%BA%E0%B6%A7+%E0%B6%9C%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B6%AB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F+%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B6%BA%E0%B7%9A
ආසියානු කලාපීය රටක කාන්තාවන් 3 දෙනෙකු විසින් ඕමානයේ පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් එරට ආරක්ෂක අංශ විසින් වටලා තිබෙනවා.

මෙම සැකකාරියන් මහල් නිවාසයක නිවසක් මිළදී ගෙන මෙම ව්‍යාපාරය පවත්වාගෙන ගොස් ඇති බවටයි හෙළිවී ඇත්තේ.

කෙසේවෙතත් මෙම කාන්තාවන් කුමන රටකින් පැමිණි අය ද යන්න මෙතෙක් හෙළිකර නැහැ.

මෙම කාන්තාවන්ට සාපරාධි ක්‍රියා සිදු කිරීමේ චෝදනා මත නඩු පවරන බවයි ඕමාන් බලධාරීන් ප්‍රකාශකර ඇත්තේ.

ගෘහ සේවයට ගොස් හිරිහැරවලට ලක්වී පළායන කාන්තාවන් මෙම ගණිකා ජාවාරමට සම්බන්ධ කරගෙන ඇතැයි ද අනාවරණ වී තිබෙනවා.

අදාළ නිවස කුලියට ලබාදුන් හිමිකරුට ද පොලිසිය අවධාරණය කර ඇත්තේ නිවසක් කුලියට ලබාදීමේදී එය ලබාගන්නා පිරිස පිළිබඳ විශේෂ අවධානයක් යොමුකරන ලෙසටයි.