නව සංවිධායකවරයා පිළිගන්නේ නැහැ - මිනුවන්ගොඩ සන්ධාන පුංචි මන්ත්‍රීවරුන් කියයි

Tuesday, 01 March 2016 - 12:55

%E0%B6%B1%E0%B7%80+%E0%B7%83%E0%B6%82%E0%B7%80%E0%B7%92%E0%B6%B0%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%9A+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90+-+%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9+%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1+%E0%B6%B4%E0%B7%94%E0%B6%82%E0%B6%A0%E0%B7%92+%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මිනුවන්ගොඩ නව ආසන සංවිධායකවරයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පත් කළ රුවන් රණතුංග සමඟ කටයුතු කිරීමට සූදානම් නොමැති බව මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති පද්මකුමාර අරංගල්ල පවසනවා.

මිනුවන්ගොඩ පළාත් පාලන ආයතනවල මන්ත්‍රීවරුන්ගේ ප්‍රධානත්වයෙන් මිනුවන්ගොඩදී අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.

මිනුවන්ගොඩ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධාකවරයා ලෙස මීට පෙර කටයුතු කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංගයි.

ඔහු ඉවත් කර එහි නව ආසන සංවිධායකවරයා ලෙස රුවන් රණතුංග පත් කිරීමට ජනාධිපතිවරයා ඊයේ කටයුතු කළා.

මෙම මාධ්‍ය හමුවට මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභාවේ සහ මිනුවන්ගොඩ නගර සභාවේ නිදහස් සන්ධාන මන්ත්‍රීවරුන් මෙන්ම දොම්පේ සහ ගම්පහ ප්‍රාදේශීය සභාවල හිටපු සභාපතිවරුන් සහ මන්ත්‍රීවරුන් ද එක්ව සිටි බවයි එහි සිටින හිරු වාර්තාකරු කියා සිටියේ.

මේ මාධ්‍ය හමුවට එක්වෙමින් අදහස් දැක්වූ මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති පද්මකුමාර අරංගල්ල කියා සිටියේ ප්‍රාදේශීය සභාවේ එක් සන්ධාන මන්ත්‍රීවරයෙකු හැර අනෙක් සියලූම මන්ත්‍රීවරුන්ගේ සහාය හිටපු සංවිධායක ප්‍රසන්න රණතුංග වෙත ලබාදෙන බවයි.