කුමාර් ගුණරත්නම් යළි රිමාන්ඩ්

Tuesday, 01 March 2016 - 14:01

%E0%B6%9A%E0%B7%94%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A+%E0%B6%9C%E0%B7%94%E0%B6%AB%E0%B6%BB%E0%B6%AD%E0%B7%8A%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%8A
ආගමන විගමන පනත උල්ලංඝනය කිරීම හේතුවෙන් අත්අඩංගුවට ගැණුනු පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික කුමාර් ගුණරත්නම් මේ මස 14 වන දා දක්වා අද යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

ඒ ඔහු කෑගල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් හමුවට ඉදිරිපත් කෙරුණු අවස්ථාවේදීයි.

අද දිනයේත් සාක්ෂි විමසීම සිදුකෙරුණු අතර ශ්‍රේෂ්ඨාධිකරණයේ රෙජිස්ට්‍රාර්වරයා එහිදී සාක්ෂි ලබාදී තිබෙනවා. යළි නඩුව කැදවන ලබන 14 වනදා කෑගල්ල සහකාර පොලිස් අධිකාරීවරයා සාක්ෂි ලබාදීමට නියමිතයි.

කුමාර් ගුණරත්නම් පසුගිය වසරේ නොවැම්බර් මස 05 වැනිදා පොලීසිය අත්අඩංගුවට ගත්තේ කෑගල්ල ප්‍රදේශයේ පිහිටි සිය මවගේ නිවසේ රැදී සිටියදීයි.