ඉන්දියන් සාගරය රකින්න ඇමරිකාව සූදානම්

Wednesday, 02 March 2016 - 7:26

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%8F%E0%B6%9C%E0%B6%BB%E0%B6%BA+%E0%B6%BB%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80+%E0%B7%83%E0%B7%96%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A
සංහිඳියාව හා වගවීමේ ක්‍රියාවලිය සඳහා ජාත්‍යන්තර ප්‍රජාවගේ සහය මෙරටට ලැබිය යුතු බව ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ජේම්ස් ඩොරිස් පවසනවා.

මහනුවරදී ඊයේ මහනාහිමිවරුන් බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ ශ්‍රී ලංකාව, සංහිදියාව සහ වගවීම සම්බන්ධයෙන් ගෙන යන වැඩපිළිවෙල පිළිබඳව සතුටු වන බවයි.

ශ්‍රී ලංකාවේ ජාති ආගම් ගැටළු කිසිවක් නොමැති බව මෙහිදී අස්ගිරි මහ නාහිමියන් බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරයා වෙත පෙන්වා දී තිබෙනවා.

මේ අතර, ඉන්දීය සාගරයේ සමුද්‍රීය ආරක්ෂාව වෙනුවෙන් ශ්‍රී ලංකාව සමඟ එක්ව කටයුතු කරන බව ඇමරිකා එක්සත් ජනපදය ප්‍රකාශ කළා.

මුහුදු කොල්ල වැළැක්වීම, මානුෂීය ආධාර මෙහෙයුම් සහ වාණිජ නෞකා මාර්ගය සුරක්ෂිත කිරීම සඳහා ඇමරිකා එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව සහයෝගයෙන් කටයුතු කරන බවයි ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.

පශ්චාත් යුද සමයේ අවශ්‍යතාවක් ලෙස ලක් රජය සිදුකරන ආරක්ෂක අංශවල ප්‍රතිසංවිධාන ක්‍රියාවලියට ද සහාය දැක්වීමට ඇමරිකාව සූදානම්.

එමෙන්ම දේශසීමා හරහා සිදුවන භාණ්ඩ හුවමාරු වලදී ආරක්ෂාව තහවුරු කිරීම, ත්‍රස්තවාදය වැළැක්වීම සඳහා බුද්ධි තොරතුරු හුවමාරුව සහ ඒ සඳහා මානව සම්පත්  සංවර්ධනයට ඇමරිකාවේ සහාය හිමි වනවා.

එමෙන්ම මූල්‍ය විශුද්ධිකරණය වැළැක්වීමට සහ අන්තර්ජාලය හරහා සිදුවන අපරාධ වැළැක්වීමට ද ඇමරිකාව සහ ශ්‍රී ලංකාව සහයෝගයෙන් කටයුතු කරනු ඇති.

එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව මෙම නිවේදනය නිකුත් කර ඇත්තේ ශ්‍රී ලංකාව සහ ඇමරිකා එක්සත් ජනපදය අතර වොෂින්ටනයේ පැවැති ප්‍රථම ද්වි පාර්ශවික සහයෝගීතා සංවාදයේ ඒකාබද්ධ ප්‍රකාශයක් ලෙසයි.